Friday, February 7, 2025
Homeපුවත්ක්‍රීඩාඉන්දියාවට ජය.

ඉන්දියාවට ජය.

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගය ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව, ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 196ක් රැස්කළේය.

එහිදී ඉන්දීය ඉනිම වෙනුවෙන් හර්දික් පාණ්ඩ්‍යා නොදැවී ලකුණු 50ක් රැස්කළේය.

ඊට පිළිතුරු ලෙස බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 8ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 146කි.

ඒ අනුව තරගය ලකුණු 50කින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

RELATED ARTICLES

Most Popular