Friday, February 7, 2025
Homeවිශේෂාංගප්‍රභූන්ගේ ආරක්ෂාව පිළිබඳ අවසන් තීරණයක්..

ප්‍රභූන්ගේ ආරක්ෂාව පිළිබඳ අවසන් තීරණයක්..

හිටපු ජනාධිපතිවරු ඇතුළු ප්‍රබූවරුන්ට දී ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡාවක් ලබන සඳුදා (30) පැවැත්වීමට නියමිත බව වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්වෙයි.

එහිදී දැනට ආරක්ෂාව දී ඇති ප්‍රබූවරුන්ට පවතින තර්ජන පිළිබඳව සමාලෝචනය කිරීමට නියමිතයි.

ඉන් පසුව ඔවුන්ට දැනට ලබාදි ඇති ආරක්ෂාව අඩුකරන්නේද නැද්ද යන්න පිළිබඳව එකඟතාවකට පැමිණීමට නියමිතයි.

ශ්‍රී දළදා මාලිගාව,ශ්‍රී මහා බෝධිය වැනි ස්ථාන වලට දැනට යොදවා ඇති ආරක්ෂාව අඩුකිරීමක් සිදු නොකරන බව පැවසීය.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පොලිස් ආරක්ෂාව මේවන විට ඉවත් කර තිබේ.

– නාගොඩ සුමන උදයන්ත

RELATED ARTICLES

Most Popular