Wednesday, December 11, 2024
Homeපුවත්අන්තර්ජාතිකබයිඩන් සහ ට්‍රම්ප් ප්‍රසිද්ධියේ රෙදි ගලවා ගනිති.

බයිඩන් සහ ට්‍රම්ප් ප්‍රසිද්ධියේ රෙදි ගලවා ගනිති.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සී එන් එන් රූපවාහිනිය මගින් සංවිධානය කළ විවාදයට සහභාගී වූහ.

විචාරකයින් පවසන්නේ ඔවුන් දෙදෙනා “බොරු කියන” බවට එකිනෙකාට චෝදනා කරගත් බවය.

සජීවීව විකාශය කළ එම විවාදය විශාල පිරිසක් නරඹා තිබුණි.

ට්‍රම්ප්, බයිඩන් ගේ ආර්ථික ප්‍රතිපත්ති සහ විදෙස් ප්‍රතිපත්ති විවේචනය කළ අතර බයිඩන්, ට්‍රම්ප් ගේ අපරාධ සම්බන්ධයෙන් සහ 2020 වසරේදී ජනාධිපතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සාහ කළ බවටද චෝදනා කළේය.

එළැඹෙන නොවැම්බර් 05 වනදා පැවැත්වීමට නියමිත අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා මෙම දෙදෙනා ඉදිරිපත්වීමට නියමිත අතර ඒ වෙනුවෙන් මේ දෙදෙනා ප්‍රසිද්ධ විවාදයකට එක්වූ පළමු අවස්ථාව මෙය වෙයි.

ස්ටෝමි ඩැනියෙල්ස් නම් නිල් චිත්‍රපට නිළියක් සමග ට්‍රම්ප් ගේ තිබූ සම්බන්ධතාවයක් සම්බන්ධයෙන් ද බයිඩන් මෙම විවාදයේදී කරුණු දක්වා තිබූ අතර ට්‍රම්ප් එම චෝදනාව ප්‍රතික්ෂේප කළේය.

නමුත් මෙම විවාදයේදී බයිඩන් ගේ ප්‍රතිචාර සහ සමහර උත්තර සම්බන්ධයෙන් සමස්තයක් වශයෙන් ඩිමොක්‍රටික් ආධාරකරුවන් සතුටු නොවනු ඇති බව සමහර දේශපාලන විචාරකයෝ පවසති.

RELATED ARTICLES

Most Popular