Monday, March 17, 2025
Homeවිශේෂාංගරුපියල දිගටම ශක්තිමත් වීම හොද නෑ.. රුපියල ස්ථාවර විය යුතුයි…

රුපියල දිගටම ශක්තිමත් වීම හොද නෑ.. රුපියල ස්ථාවර විය යුතුයි…

මෙරට රුපියල ශක්තිමත් වීම සඳහා රටට පසුගිය මාස කිහිපයේ ලැබුණු විදේශ විනිමය හේතුවී ඇතිබව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.

විදේශ ප්‍රේශන සහ සංචාරක ආදායම ඉහළ යාම රුපියල ශක්තිමත් වීම සඳහා වැඩි වශයෙන් බලපා ඇතිබව පැවසීය.

මේවන විට රටට ලැබෙන ඩොලර් ප්‍රමාණය වැඩිවී තිබේ.

රටින් බැහැර වන ඩොලර් ප්‍රමාණය යම් ආකාරයකට සීමාවී තිබේ.

එම තත්වය ඉතා සුබවාදී තත්වයකි.

රුපියලේ අගය දිගින් දිගටම ශක්තිමත් වීමක් සිදුවිය යුතු නැත.

එලෙස දිගින් දිගටම රුපියල ශක්තිමත් වීම හරහා මෙරට අපනයන කරුවන්ට බාධා විය හැකිය.

රුපියල ශක්තිමත් වීම හරහා ආනයන කරුවන්ට වැඩි වාසි හිමි වෙයි.

ඒ හේතුවෙන් සිදුවිය යුක්තේ රුපියල දිගින් දිගටම ශක්තිමත් වීමට වඩා ස්ථාවර අගයක පැවතීම බව වැඩිදුරටත් පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

RELATED ARTICLES

Most Popular