Monday, March 17, 2025
Homeවිශේෂාංගඇල්බට් අයින්ස්ටයින්ගේ ලිපියක් වෙන්දේසියකට...

ඇල්බට් අයින්ස්ටයින්ගේ ලිපියක් වෙන්දේසියකට…

භෞතික විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් විසින් එවක ඇමරිකානු ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට් වෙත අනතුරු අඟවමින් යවන ලද ලිපියක සත්‍ය පිටපතක් වෙන්දේසි කිරීමට නියමිතයි.

විදෙස් වාර්තා සඳහන් කළේ ලබන සැප්තැම්බර් මසදී ඩොලර් මිලියන 4කට මෙම ලිපිය වෙන්දේසි කරන බවයි.

20 වැනි සියවසේ රචිත ලේඛන අතුරෙන් ඇමරිකානු ඩොලර් මිලියනයේ වටිනාකම ඉක්ම වූ පළමු වැනි ලේඛනය ද මෙය බව සඳහන්.

එම ලිපියේ සඳහන් වන්නේ නාසි පාලනයක් සහිත ජර්මනිය න්‍යෂ්ටික පරමාණු බෝම්බ නිපදවීමට ඉඩ ඇති බවටයි.

අයින්ස්ටයින් විසින් ජනපති රූස්වෙල්ට් වෙත යතුරු ලියනය කරන ලද හසුනේ මුල් පිටපත නිව්යෝක්හි හයිඩ් පාක් පිටියේ පිහිටි රූස් වෙල්ට් පුස්තකාලය සතුව පවතිනවා.

එහි දළ සත්‍ය පිටපතක් වැඩි ආරක්ෂාව තකා භෞතික විද්‍යාඥ ලියෝ සිලාර්ඩ් අතට පත් කිරීමට අයින්ස්ටයින් කටයුතු කර තිබුණා.

එම ලිපියයි සුප්‍රසිද්ධ ක්‍රිස්ටයිස් වෙන්දේසි සමාගම වෙන්දේසියට ඉදිරිපත් කරනු ලබන්නේ.

RELATED ARTICLES

Most Popular