රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණට කිසිදු සම්බන්ධයක් නැතැයි එම පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.
එනිසා ඔහු පක්ෂය සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ වල කිසිදු වැදගත්කමක් නැති බවත් ඔහු පැවසීය.
ඉදිරි ජනාධිපතිවරණයේ පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ධම්මික පේරේරා මහතා බවටත් අග්‍රාමාත්‍ය අපේක්ෂකයා නාමල් රාජපක්ෂ මහතාත් ලෙස නම් කරන බවට උදයංග වීරතුංග මහතා කළ ප්‍රකාශයක් ගැන මාධ්‍ය කල විමසීමට ඔහු මෙසේ පැවසීය.
කෙසේ නමුත් මේ වනතෙක් පොදු ජන පෙරමුණ තම ජනාධිපති අපේක්ෂකයා තීරණය කර නැති බවද පැවසු ඔහු යේ අනිවාර්යෙන්ම එම අපේක්ෂකයා පොදු ජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේ තරග කරනු ඇති බවද කියා සිටියේය.