ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ආර්ථිකය පිළිබඳ ප්‍රකාශ නිකුත් කරමින් රටට විහිළු සපයමින් ඇතැයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.
ඇප රහිතව කිසිවෙකුට ණය ලබා දෙන බව පවසන්නේ ආර්ථික විද්‍යාව නොදන්නා අයකු බවයි, ඔහු සඳහන් කළේ.
ලොව කිසිදු රටක ක්‍රියාත්මක නොවන ආකාරයට රට දිවවිය හැකි නම් එම පිරිස ඇමරිකාව, කැනඩාව, ඉන්දියාව, ජපානය ආදී රටවලට යන්නේ මන්දැයි රවී කරුණානායක ප්‍රශ්න කරයි.
රටක් පාලනය කිරීමට පරිණතභාවයක් උවමනා අතර බිලියන 46ක ණය ගෙවීම කජ්ජක් දැයි අසන අය රට භාර නොගත්තේ ඇයිදැයි ඔහු විමසා සිටී.