Friday, February 7, 2025
Homeපුවත්ක්‍රීඩාප්‍රතික්ෂේප කළ ක්‍රීඩාලෝලීන්ගේ මුවින්ම "හර්දික්" අපේ නායකයා යැයි කියවා ගන්නට තරම් නොසැලී...

ප්‍රතික්ෂේප කළ ක්‍රීඩාලෝලීන්ගේ මුවින්ම “හර්දික්” අපේ නායකයා යැයි කියවා ගන්නට තරම් නොසැලී වෙහෙස මහන්සි වූ පාණ්ඩ්‍යා

වැටුන තැනින් නැවත අලු ගසා නැගිටපු මිනිසුන් ගැන කතා අපි නිරන්තරයෙන් අසා තිබෙනවා.
මේ කියන්න යන්නේ ක්‍රිකට් ලෝකයේ හොඳම පුනරාගමනය ලෙස හඳුන්වන හර්දික් පාණ්ඩ්‍යාගේ කතාව ගැන.
එක්දින ලෝක කුසලානයේදී වළලු කරේ ආබාධය හේතුවෙන් අහ්‍ර්දික් පාණ්ඩ්‍යාට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවුණේ නැහැ.
එය ඔහුගේ බලාපොරොත්තු සුන්වීමක් බව පසුකාලීනව ප්‍රකාශ කර සිටියා.
ගුජරාට් ටයිටන්ස් නායකත්වය හිමීවීමත් ඉන්දීය ප්‍රිමිය ලීගයේ කුසලානය ඔහුගේ නායකත්වය යටතේ හිමිවීමත් පසුකාලීනව මුම්බායි ඉන්දියන්ස් නායකත්වයට පත් වීමට පාර කැපුණා.
අවාසනාවක ආරම්භය සිදුවුණේ එතනින්.
මුම්බායි ඉන්දියන්ස් පරාජයට ලක් වීම සහ කණ්ඩායම තුල හර්දික් – රෝහිත් කණ්ඩායම් බෙදීම ඇතුළුව මුම්බායි ක්‍රීඩාලෝලීන්ගේ නින්දා ගැරහුම් නොකඩාවා ලැබීමට ඔහුට සිදුවුණා.
ඒ වගේම ‘මුම්බයිචා රාජා, රෝහිත් ෂර්මා’ වෙනුවට පාණ්ඩ්‍යා නැවත මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පැමිණීම ක්‍රීඩා ලෝලීන්ගේ කෝපයට හේතු වුණා.
ඒ වගේම මේ හැමදේමත් එක්ක පාණ්ඩ්‍යාගේ බිරිඳ වෙන්වුණ බවටත් නිල නොවන වාර්තා පළ වුණා.
තරඟ කිහිපයකට පසුව, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව කාසියේ වාසිය උරගා බැලීමේ දී, විස්තර විචාරක සහ හිටපු ඉන්දීය සහ මුම්බායි ක්‍රිකට් ක්‍රීඩක සංජේ මන්ජ්‍රේකාර්, පාණ්ඩ්‍යාට නැවතත් ඝෝෂා කරන විට හොඳින් ‘හැසිරෙන’ ලෙස වන්කඩේ හි සිටි පිරිසගෙන් ඉල්ලා සිටි සිද්ධීන්ද ඔබේ මතකයේ ඇති.
මුම්බායි හි පැවති අවසන් ලීග් තරගයේදී දැවී යාමෙන් පසුව, රෝහිත් ෂර්මාට ප්‍රේක්ෂකයින් අතර ප්‍රශංසාවක් ලැබුණේ මෙය ඔහුගේ අවසන් තරඟය විය හැකි බවට විශ්වාස කරමින්.
ඔල්වරසන් හඬ සහ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ රෝහිත් පිටව යද්දී, පාණ්ඩ්‍යා පන්දුවට පහර දීමට යන විට ඒ සියල්ල ඉතා ඉක්මනින් මහ හඩක් බවට පත් වුණා.
පාන්ඩ්‍යාට ලැබුණේ හිතකර ප්‍රතිචාර නම් නොවෙයි.
කොහොම වුණත් මෙවර 20-20 ලෝක කුසලානය දිනාගැනීම වෙනුවෙන් පාණ්ඩ්‍යා විශාල මෙහෙ‍යක් සිදු කළා.
එහෙත් වන්කඩේ ක්‍රීඩාංගනය මෙන්ම මැරීන් ඩ්‍රයිව් එක ද පිරී ඉතිරී යන මහා ක්‍රීඩා ලෝලීන්ගේ කන් බිහිරි කරවන ප්‍රීති ඝෝෂා මැද පාණ්ඩ්‍යා ගොඩ බැස්ස විට ඒ සියල්ල අතීතයට සම්බන්ධ කාරණා වුණා.ක්‍රීඩාංගනය තුළ ‘හර්දික්… හර්දික්’ යන ගායනය දෝංකාර දෙන්නට වුණා.

විරාත් කෝලි සිය කතාවේදී පාණ්ඩ්‍යාගේ අවසන් ඕවරයේදී සූර්යකුමාර් යාදව්ගේ උඩපන්දුව සම්බන්ධව ප්‍රකාශ කළ අවස්ථාවේ, වන්කඩේ එක හඬින් ‘හර්දික්… හර්දික්’ ලෙස ප්‍රීති ඝෝෂා නගද්දී ප්‍රීති ඝෝෂා නැගෙන්නට වූ ආකාරය අපට දැක ගැනීමට හැකියාව ලැබුණා.

“ලොකුම සාක්ෂිය හර්දික්ගේ මානසික ශක්තියයි, ඉන්දීය ප්‍රිමිය ලීගයේ වන්කඩේ පැවති තරගයේදී ඔහුට එරෙහිව කෑගැහුවා. නමුත් තවමත් ඔහු ආපසු අපිට වචනයක්වත් නොකියා, හිස පහත් කර ක්‍රීඩා කළා.

“එම්අයි රසිකයන් වන අපට ඇත්තේ ඉතා කුඩා මතකයන්. දැන් අපි ‘මුම්බයිචා රාජා හර්දික් හර්දික්’ කියලා චියර් කරන්න යනවා. අපි ඔහුව දැන් එම්අයි නායකයා ලෙස පිළිගන්නවා,” තවත් රසිකයෙක් ප්‍රකාශ කර තිබුණා.

හයිද්‍රාබාද්හි පිහිටි ශ්‍රීනිවාස් රෙඩ්ඩි,නම් ඇමරිකා බැංකුවේ සේවකයෙකු, හර්දික්ගේ දස්කම් සැමරීම සඳහා පමණක් ගුවනින් මුම්බාය වෙත පැමිණ තිබුණා.

Hardik Pandya Creates History, Becomes 1st Indian To Reach No. 1 Position In ICC T20I All-Rounders' Ranking - News18
RELATED ARTICLES

Most Popular