Monday, July 22, 2024
Homeවිශේෂාංගශ්‍රී ලාංකීක දෙමළ සම්භවයක් සහිත මන්ත්‍රීවරියක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට

ශ්‍රී ලාංකීක දෙමළ සම්භවයක් සහිත මන්ත්‍රීවරියක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට

මෙවර මැතිවරණයෙන් බ්‍රිතාන්‍ය ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලාංකීක දෙමළ සම්භවයක් සහිත මන්ත්‍රීවරියක් පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබේ.

කම්කරු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්වූ උමා කුමරන් නම් ඇය සිවිල් යුද සමයේදී සරණාගතයින් ලෙස බ්‍රිතාන්‍යට පළාගිය දෙමළ ජාතික යුවළක දාව නැගෙනහිර ලන්ඩනයේදී උපත ලබා තිබේ.

මේ අතර, ඓතිහාසික ජයක් වාර්තා කරමින් බ්‍රිතාන්‍යයේ 58වැනි අගමැති ධුරයට පත් කියර් ස්ටාමර් නව කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අතරට කාන්තාවන් 11 දෙනෙකුද අයත් වන අතර කැබිනට් මණ්ඩලයේ ඉහළම ධුර ද්විත්වයක් වන උප අගමැති ධුරය සහ පාර්ලිමේන්තුවේ චාන්ස්ලර් ධුරයද හිමිව ඇත්තේ කාන්තාවන් දෙදෙනෙකුට වීම විශේෂත්වයකි.

ඒ අනුව, 2015 වසරේදී කම්කරු පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ ඇන්ජේලා රේනර් හට බ්‍රිතාන්‍ය උප අගමැති ධුරය හිමි විය.

රේචල් රීව්ස්හට පාර්ලිමේන්තුවේ චාන්ස්ලර් ධුරය හිමිවූ අතර ඇය වාර්තා අතරට එක්වන්නේ එම ධුරයට පත් පළමු කාන්තාව ලෙසය.

2000 වසරේදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වූ ලාබාලතම පුද්ගලයා ලෙස වාර්තා අතරට එක්වූ ඩේවිඩ් ලැමී විදෙස් කටයුතු ලේකම්වරයා ලෙස පත්වී තිබේ.

RELATED ARTICLES

Most Popular