බන්ධනාගාරගත කර සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමිට ජනාධිපති සමාව ලබාදෙන්නැයි පාර්ශය රැසක් ජනාධිපතිවරයාගෙන ඉල්ලා ඇතත් ඊට ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකුගේ විරෝධය පළ වී ඇති බව වාර්තා වෙයි.
ඒ හේතුවෙන් ඥානසාර හිමියන්ට සමාව ලබාදීමේ ක්‍රියාවලිය කල්ගත වෙමින් ඇතැයිද දැනගන්නට ඇත.
අදාළ අමාත්‍යවරයා මෙම සමාව දීමේ කටයුතු සඳහා දක්වන මන්දගාමී ක්‍රියා පිළිවෙත හේතුවෙන් ම ක්‍රියාදාමය මඟ ඇනහිට ඇති බවද සඳහන් වෙයි.