Friday, February 7, 2025
Homeපුවත්පාසල් වැහුනා.. අපේ වර්ජනේ 100%ක් සාර්ථකයි.. තව දරුණු ක‍්‍රියාමාර්ග ගන්නවා..

පාසල් වැහුනා.. අපේ වර්ජනේ 100%ක් සාර්ථකයි.. තව දරුණු ක‍්‍රියාමාර්ග ගන්නවා..

රට පුරා පාසල්වල සිදු කරන ලද ගුරු වැඩ වර්ජනය සියයට සීයක් සාර්ථක ක්‍රියාත්මක වූ බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය සඳහන් කරයි.

එහි සභාපති යල්වෙප පඤ්ඤාසේකර හිමියෝ කියා සිටියේ ගුරුවරුන් අසනීප නිවාඩු වසා වාර්තා කිරීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් රට පුරා පාසල් පද්ධතිය වැසී ගිය බවයි.

රාජ්‍ය සේවා වර්ජනයට සමගාමීව රට පුරා ක්‍රියාත්මක වූ ගුරු වැඩ වර්ජනෙයන් අනතුරුව මාධ්‍ය අමතමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.

එම මාධ්‍ය හමුව ඇමතූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියා සිටියේ මෙම වැඩ වර්ජනය ලබා දුන් පණිවිඩය පාලකයන් තේරුම් නොගතහොත් මීට වඩා ක්‍රියාමාර්ගවලට ඉදිරියේ යන බවයි.

RELATED ARTICLES

Most Popular