Monday, July 22, 2024
Homeවිශේෂාංගක්ලබ් වසන්ත ඝාතනයේ විමර්ශන ගැන පොලිස්පති පැහැදිලි කරයි...

ක්ලබ් වසන්ත ඝාතනයේ විමර්ශන ගැන පොලිස්පති පැහැදිලි කරයි…

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබඳව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (09) අදහස් පළ කළේය.

ක්ලබ් වසන්ත ඊයේ (08) උදෑසන අතුරුගිරියේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වුණි.

මෙහෙයුම ඩුබායීහී සැඟව සිටින ලොකු පැටී හා ගොනා කෝවිලේ ශාන්ත නමැති අපරාධකරුවන් දෙදෙනා සෘජුවම එක්වී සැලසුම් කර ඇති බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

කෙසේවෙතත් මෙම වෙඩිතැබීම ගැන අදහස් දැක්වූ පොලිස්පතිවරයා සඳහන් කළේ,

“දැනට සිදුවී තිබෙන විමර්ශන අනුව එම අපරාධය කළ අය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබෙනවා. එවැනි අපරාධයකට පෙළඹුණේ කාගේ අවශ්‍යතාවකට ද ? හේතුව  කුමක්ද ? යන්න පිළිබඳ විමර්ශනවල අවධානය යොමුවී තිබෙනවා. දැනට සිදුකර තිබෙන විමර්ශන අනුව මේ අපරාධය මෙහෙයවූයේ කුමන අපරාධකරු ද කියලා හෙළිකරගෙන තිබෙනවා. “

“කෙටි කාලයක් තුළ මෙම අපරාධය විසඳා අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිවනු ඇති බවට විශ්වාසයි.”

“දීප ව්‍යාප්තව මත්ද්‍රව්‍ය හා පාතාලය මැඩලීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙන්නේ මෙවැනි තත්ත්වයක් රට තුළ තිබෙන නිසා.” 

“එක දවසට හත් අට පොළක වෙඩි තියලා මරපු තත්ත්වයක් මේ රටේ තිබ්බේ. මෙලෙස ස්වයංක්‍රීය අවි භාවිත කරලා අපරාධයක් සිදුවුණේ මාස දෙකහමාරකට වගේ පසුව. තවමත් නීතිවිරෝධී ගිනි අවි සමාජය තුළ සංසරණය වනවා.”

“ඒ නිසා යුක්තිය මෙහෙයුමේදීත් නීතිවිරෝධී ගිනිඅවි අත්අඩංගුවට ගැනීමට අවධානය යොමුකර තිබෙනවා.”

RELATED ARTICLES

Most Popular