Monday, July 22, 2024
Homeපුවත්වතු සේවක වැටුප් ප්‍රශ්නය විසඳන්න තවත් තීන්දුවක්..

වතු සේවක වැටුප් ප්‍රශ්නය විසඳන්න තවත් තීන්දුවක්..

රජය විසින් තීරණය කරන ලද වතු සේවකයින්ගේ දෛනික වැටුප ලබා නොදෙන වතු හාම්පුතුන්ගේ බදු ගිවිසුම් දීර්ඝ නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (09) අනාවරණය කළේය.

රුපියල් 1,000ක් පැවති වතු සේවක දෛනික වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ නංවමින් ඉකුත් අප්‍රේල් 30 වනදා රාත්‍රියේ කම්කරු කොමසාරිස් ජනරාල්වරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණි.

කෙසේ වෙතත් අදාළ ගැසට් නිවේදනයට එරෙහිව වැවිලි සමාගම් අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු වූ අතර ඒ අනුව ඉකුත් 28 වනදා ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් වතු සේවක වැටුප් වැඩි කරමින් කම්කරු අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා,

“අද කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිතුමා තීරණය කළා… වතු කම්කරුවන්ට සුදුසු වැටුප නොගෙවන වතු හාම්පුතුන්ගේ බදු ගිවිසුම් දීර්ඝ කරන්නේ නැහැ. දැනට ජනාවාස වී ඇති වතු ප්‍රදේශ ගම්මාන ලෙස ගැසට් කරන්න තීන්දු කළා. එලෙස ගැසට් කළ පසු රජයේ ප්‍රතිලාභ සෘජුවම දෙන්න පුළුවන්. වතු සමාගම්වල අවසර ගන්න අවශ්‍ය නැහැ.” 

RELATED ARTICLES

Most Popular