‘ලෝකය අපිව පිළිගන්නේ නැතුව නැවතුන දවසක් තිබුණා. ලෝකය වහපු දොරටු විවෘත කරගන්න පුළුවන්කම අද ලැබිලා තියෙනවා’ යයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මහරගම විද්‍යාකර විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම් ඇරඹීමේ අවස්ථාවට එක්වෙමිණි.
අග්‍රාමාත්‍යවරයාගේ විමධ්‍යගත අරමුදල් සහ බස්නාහිර පළාත් සභා ප්‍රතිපාදන ලක්ෂ 250 ක මුදලක් මෙම ගොඩනැගිල්ල ඇරඹීම සඳහා වෙන්කර ඇත.
එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා –
‟බාලිකා විද්‍යාල අතර ඉදිරියෙන්ම තිබෙන ප්‍රදේශයේ එකම බාලිකා පාසල වන මහරගම විද්‍යාකර විද්‍යාලයේ විවිධ හැකියාවන් දක්ෂකම් වලින් ඔපවත් වෙමින් අපේ දරුවෝ ඉහළට ගමන් කරනවා. තරඟ විභාග වලින්, විවිධත්වයෙන් විශිෂ්ටත්වය ප්‍රකාශ කොට විශ්ව විද්‍යාල හා අනෙක් ක්ෂේත්‍ර වලට ගමන් කරනවා. දෙමාපියන්, විදුහල්පති, ආචාර්ය මණ්ඩලයේ ඒකාබද්ධ උත්සාහයන් වල ප්‍රතිඵල දරුවෝ පෙන්වා දී තිබෙනවා.
අධ්‍යාපනය නැමැති වස්තුව වෙන මොකටවත් හෙල්ලෙන්නේ නැහැ. ඉගෙන ගන්න දේ පමණයි ඉතුරු වෙන්නේ. අනිත් දේවල් අපි ඇති කරගන්නා දේවල්. ඒ නිසා ආදරණීය දරුවනේ ඔබ ගත කරන මේ පාසලේ දැනුම නමැති වස්තුව භාවිතා කිරීමට පුළුවන් මෙවලම් පන්ති කාමරයට ගෙදර දොරට එකතු වෙමින් පවතිනවා.
1983 සිට මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මහරගමට සුවිශේෂ සම්බන්ධතාවයක් ඇතිව කටයුතු කර තිබෙනවා. මහරගම ජනතාවගේ බලාපොරොත්තු අභිප්‍රායන් වගේම මහරගම ජනතාවගේ දරුවන්ට තිබෙන ආදරය ගෞරවය අපේක්ෂාවන් මුදුන්පත් කරන්න අපට දායක වන්න හැකිවුණා. ඒ අතරතුර විශාල දියුණුවක් සමාජයේ රට පුරා ඇතිවුණා. අපේ සමාජයේ පමණක් නොව ලෝකයේ සමාජයේ තාක්ෂණය වේගයෙන් දියුණුවට පරිවර්තනය වෙනවා. විද්‍යාකර විද්‍යාලය මම මහරගම මන්ත්‍රීවරයා හැටියට පත්වෙන කොට තිබුණට වඩා සම්පූර්ණ වෙනස් පරිවර්තනය කරගෙන දියුණුවට ගමන් කරන්නට පුළුවන්කම ඇතිවුණා. අපි බොහොම ආදර ගෞරවයෙන් විද්‍යාල වලට උදව් කළේ. මොකද අපි ජීවත් වෙන්නේ මහරගම නගරයේ හදවතේ. විද්‍යාකර විද්‍යාලය මහරගම නගරයේ හදවතයි.
අපි අමාරු කාල පරිච්ඡේදයක ජීවත් වෙන්නේ. එවැනි කාල පරිච්ඡේදයකට කළින් මුහුණ දෙන්න ලැබුනේ නැහැ. ආර්ථික වශයෙන්, මූල්‍යමය වශයෙන් ලබා දිය හැකි සහන අතරින් අමාරු කාල පරිච්ඡේදයකින් අප ගත්ත පියවර නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පුළුවන්කම ඇති වුණා මුදල් ප්‍රමාණයක් මේ සැරේ වැඩියෙන් පළාත් සභාවට දෙන්න. විමධ්‍යගත අරමුදල් වැඩි කරලා දුන්නා. අපි තේරුම් ගන්න ඕනේ මේ ගැඹුරු වෙනස. එහිදීද ප්‍රමුඛත්වය අධ්‍යාපනය සහ මහජනයාගේ එදිනෙදා පහසුකම් සඳහා මූල්‍ය වැය ශීර්ෂ ලබාදීමටයි. මේ අභියෝගාත්මය කාලය අපි පහු කරලා ඉවරයි.
මිත්‍රත්වය හා සහෝදරත්වය ආරක්ෂා කරගත යුතුයි.ලෝකය අපිව පිළිගන්නේ නැතුව නැවතුන දවසක් තිබුණා. යලි පිළිගන්නට පුළුවන් තත්ත්වයට ගෙන ඒමේ මහා කාර්යභාරයට ජනාධිපතිතුමා සමඟ මට අත්වැල් බැඳගෙන ලෝකය අපිට වහපු දොරටු ටික විවෘත කරගන්න පුළුවන්කම අද වෙනකොට ලැබිලා තියෙනවා. කිසිම රටක් අපිත් එක්ක ගනුදෙනු කරන්නේ නැහැ කියලා කිව්වා. එහෙම කළහම කොයිතරම් අමාරුද කියලා මහරගම ජනතාව දන්නවා. පිටකොටුවෙ තිබුණු වෙළඳාම එදා අපි මහරගම පමුණුවට ගෙනාවා. පමුණුවේ වෙළඳාම් කරන අය දන්නවා පසුගිය කාලෙ කොයිතරම් අමාරුකම් තිබුණද කියලා පිටරටින් රෙදි කෑල්ලක් හරි ගෙනෙන්න. විදේශ රටවල් අපිත් එක්ක ගනුදෙනු කරන ක්ෂේත්‍ර සියල්ල පිළිගැනීම නිසා අපිට රටක් හැටියට අද අවශ්‍ය ආර්ථික ගමනේ විවිධ වෙනස්කම් හා අලුත් ව්‍යාපෘතිය ආරම්භ කරන්න පුළුවන්කම ඇතිවී තිබෙනවා. ඒ ආර්ථික වර්ධනය අපි අමාරුවෙන් ගොඩ නඟා තිබෙනවා.