වැඩ වර්ජන වලට සම්බන්ධ නොවී ජූලි අට නවය දෙදිනම සේවයට වාර්තා කළ විධායක සේවාවන්ට අයත් නොවන සියලුම රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබාදීමට හා ඔවුන්ට විශේෂ ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට එම යෝජනාව ඉදිරිපත් කර තිබින.
ඒ අනුව මේ පිළිබඳව සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් දෙපාර්තමේන්තුව ප්‍රධානීන් හා පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට චක්‍රලේකයක් මගින් දැනුවත් කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දී ඇත.
ජූලි මස අට හා නව දෙදෙන රාජ්‍ය සේවයේ විධායක නොවන සේවාවන්හි වෘත්තිය සමිති කිහිපයක් විසින් අසනීප නිවාඩු දැමීම හා වැඩ වර්ජනයෙක් කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් පවත්වන ලදී.