පාතාල ඝාතකයන් විසින් වෙඩි තබා ඝාතනය කරන ලද වසන්ත පෙරේරාට තමන් මගේ පුතා යැයි තවදුරටත් නොපවසන බව ඔහුගේ මව විසින් සඳහන් කළාය.
‘ඔබතුමාට නිවන් සුව ලැබේවා’ යයි ප්‍රාර්ථනා කරන බවද ඇය සඳහන් කළේ ඝාතනයට ලක්වූ ක්ලබ් වසන්තගේ දේහය සම්බන්ධයෙන් වන අවමංගල සභාව අමතමිනි.
මේ පුණ්‍ය භූමියෙන් අසත්පුරුෂයන් දුරුවේයා යයිද ප්‍රාර්ථනා කරන බවද පැවසූ ඇය වසන්ත වන් පුතෙකු කිසිදු මවකට නොලැබෙනු ඇති බවත් එවැනි පුතෙකු ලැබුණේ තමාට පමණක් බවද කියා සිටියාය.
ඔහුගේ දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු අද බොරැල්ල කනත්තේදී සිදු කරන ලද්දේ සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් දැඩි පොලිස් ආරක්ෂාවක් මැදයි.24