Friday, February 7, 2025
Homeපුවත්දේශපාලනයඅනුර ජනාධිපති වන තෙක් සියළු වැඩ වර්ජන නවත්වනවා..

අනුර ජනාධිපති වන තෙක් සියළු වැඩ වර්ජන නවත්වනවා..

රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට මුදල් නැතැයි කියන ජනාධිපතිවරයා රාජ්‍ය සේවයේම එක් කණ්ඩායමකට දිමනාවක් ලබාදීමෙන් රාජ්‍ය සේවයේ ගැටුම් ඇති කරමින් සිටින බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත සමරසිංහ මහතා පවසයි.

නමුත් ජනාධිපතිවරයාගේ ගැටවලට අහුවීමට මෙරට වෘත්තිය සමිති ව්‍යාපාරය සූදානම් නැති බවද ඔහු සදහන් කරයි.

එනිසා ඉදිරි ජනාධිපතිවරණය තෙක් කිසිදු වැඩ වර්ජනයක් සිදු නොකිරීම ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය තීරණය කරන ලද බවත් ඔහු පැවසුවේය.

ඉදිරි ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා මෙරට විධායක ජනාධිපතිවරයා බවට පත්වන තෙක් කිසිදු වැඩවර්ජනයට තම පක්ෂයේ සහයෝගය ලබා නොදෙන බවද ඔහු කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ දඹුල්ලේදී පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමිනි.

RELATED ARTICLES

Most Popular