කිලිනෙච්චිය තිරුමුරකණ්ඩි සහ කොකාවිල් අතර ඒ්-9 ප්රධාන මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මිය ගෙස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබ ඇතැයි කිලිනොච්චිය පොලීසිය පැවසීය.
කටුනායක ගුවන්තොටපුලේ සිට මගීන් පිරිසක් රැගත් වෑන් රථයක් යාපනය බලා ධාවනය වෙමින් තිබියදී එම දෙසට ධවනය වූ ලොරිරථයකට වෑන් රථය ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇතැයි මූලික පොලිස් පරික්ෂණ වලදී අනාවරනය වී ඇත.
අනතුරින් වෑන් රථයේ ගමන්ගත් සිව් දෙදෙනෙකු බරපතල තුවාල ලබ කිලිනොච්චිය මහරෝහලට ඇතුලත් කල අතර ඉන් බරපතල තත්වයේ සිටි කාන්තාවක් මිය ගොස් ඇත.
අනතුරින් වෑණ රථයටද බරපතල හානි සිදුව ඇති අතර වෑන්රථයේ රියදුරුගේ අපරික්ෂාකරී රිය පැදවීම අනතුරට හේතුව බවට සැකපල කරන බව කිලිනොච්චිය පොලීසිය පැවසීය.
අනතුරින් මිය ගිය අයගේ සිරුර කිලිනෙච්චිය මහරෝහලේ තැන්පත් කොට ඇති අතර කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
– වන්නි රොමේෂ් මධුෂංක