අද (16) මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසමට බලය හිමි වෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ජූලි අවසන් වීමට පෙර ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි.
වෙනත් කිසිදු හේතුවක් ඒ සඳහා බලනොපාන බවයි මැතිවරණ කොමිසම් සභාවේ සභාපති, ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේ.
මේ වනවිට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සැප්තැම්බර් 17 න් පසුව එළඹෙන සුදුසු දිනකදී ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු කරන බවයි.
ඕනෑම අයෙකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනාධිපති පනත අනුව මෙම දින පිළිබඳ සලකා බැලිය හැකි බව ද රත්නායක මහතා පැවසීය.