Wednesday, December 11, 2024
Homeවිශේෂාංගලාංකික ආහාර ජාත්‍යන්තරයට ගෙන ගිය අපේ සවින්ද්‍රි...

ලාංකික ආහාර ජාත්‍යන්තරයට ගෙන ගිය අපේ සවින්ද්‍රි…

“මාස්ටර් චෙෆ්” ඔස්ට්‍රේලියා 2024 රියැලිටි සූපවේදි තරගාවලියෙන් තුන්වැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකිකයෙකු වන සවින්ද්‍රි පෙරේරා සමත්විය.

එහි විශේෂත්වය වන්නේ, ඇය එම තරගය පුරා පිළියෙල කර තිබුණේ ශ්‍රී ලාංකීක ආහාර පානයි.

එම ජයග්‍රණයෙන් පසු ඊයේ රාත්‍රියේ සවින්ද්‍රි පෙරේරා දිවයිනට පැමිණියාය.

ශ්‍රී ලංකාවේ උපත ලද සවින්ද්‍රි පෙරේරා ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවරට සංක්‍රමණය වී තිබුණේ වයස අවුරුදු 18දීය.

ඇය මේ වනවිට 30 හැවිරිදි වියේ පසුවන අතර වෘත්තියෙන් බැංකු උපදේශිකාවකි.

කුඩා කල සිටම ශ්‍රී ලාංකේය ආහාර පාන සැකසීම පිළිබඳ තිබූ උනන්දුවක් නිසාම සවින්ද්‍රි ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරගාවලියට එක්ව තිබුණි.

එම තරගාවලිය තුළ ඇය සකස්කර තිබුණේ ඇගේ මව පිළියෙළ කළ රසවත් ශ්‍රී ලාංකික ආහාර පාන වර්ගයි.

විශේෂත්වය වන්නේ ළූණු, සුදුළූණු, කරපිංචා වැනි දේශීය කුළු බඩු තමන් පිළියෙල කළ ආහාරවලට ඇය යහමින් එක්කිරීමය.

ඔස්ට්‍රේලියානු Network – 10 රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරෙන “මාස්ටර් චෙෆ්” ඔස්ට්‍රේලියා රියැලිටි සූපවේදි තරගාවලිය සඳහා, ඔස්ට්‍රේලියාව පුරා සිටින තරගකරුවන් පරීක්ෂණ වට සඳහා සහභාගි කරගනු ලබයි.

ඔවුන් සකස්කරන ආහාරවල රස ගුණ අනුව විනිසුරු මඩුල්ලක් විසින් අවසන් පූර්ව වටය සඳහා 50 දෙනෙකු තෝරා ගනී.

වයස අවුරුදු 18ට වැඩි ඔස්ට්‍රේලියානු පදිංචිකරුවන්ට මේ සඳහා ඉදිරිපත් විය හැකි අතර “මාස්ටර් චෙෆ්” තරගාවලිය සඳහා වෘත්තිමය සූපවේදීන්ට සහභාගීවීමට නොහැකි වීම විශේෂත්වයකි.

අවසන් පූර්ව වටයේ තරගකරුවන් 50දෙනා අතර තේරීපත්වන්නේ තරගකරුවන් 24ක් පමණි.

අනතුරුව ඔවුන් රූපවාහිනි රියැලිටි වැඩසටහනේදී සතිපතා නව ආහාර සැකසුම් ඉදිරිපත් කරයි.

ඔවුන් අතරින් අවසන් අවසන් තුන්දෙනා අතරට තේරීපත්වූ සවින්ද්‍රි පෙරේරා මාස්ටර් චෙෆ් ඔස්ට්‍රේලියා 2024 රියැලිටි සූපවේදි තරගාවලියේ තුන්වැනි ස්ථානය හිමිකර ගත්තාය.

ඒ ලබාගත් ජයග්‍රහණයෙන් පසුව ඇය ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියාය.

ඇය පිළිගැනීම සඳහා ගුවන්තොටුපොළට ඇගේ මව්පියන්, ඥාතීන් ඇතුළු පිරිසක් පැමිණි සිටියහ.

RELATED ARTICLES

Most Popular