පාතාලයට සම්බන්ධ පුද්ගලයන් 800ක් පමණ පසුගිය මාස 03 තුළ අත්තඩංගුවට ගෙන ඇතිබව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.
සියලු පාතාල ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා පොලිසිය පුළුල් මෙහෙයුම් දිවයින පුරා ක්‍රියාත්මක කර ඇතිබව පැවසීය.
ඒ හේතුවෙන් මේවන විට පාතාල කල්ලි කණ්ඩායම් ඉතා දුර්වල තත්වයට පත්ව තිබේ.
ඉතිරි වී සිටින සුළුතර කණ්ඩායම් දුරකථන ඇමතුම් ලබාදී ජනතාව බියවද්දමින් සිටියි.
විවිධ දැන්වීම් ඇලවීම් වැනි කටයුතු ද සිදුකරන බව පොලිස්පතිවරයා පැවසීය.
එවැනි කටයුතු සඳහා සම්බන්ධ සියලු දෙනාට දැඩි දඬුවම් ලබා දෙන බව වැඩිදුරටත් පැවසීය.