ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අපේක්ෂකයා ලෙස තරඟ වදිනු ඇති බව එම පක්ෂය සඳහන් කරයි.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ අයිතිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නීති කෘත්‍යයක් සිදු වෙමින් ඇති නිසා වෙනම ලකුණකින් විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට තරග කරනු ඇති බවද සඳහන්ය.
එමෙන්ම ජනාධිපති අපේක්ෂකයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා නාමයෝජනා පත්‍රය භාරදීමට පෙරාතුව සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වුණු ඇති බවද එම පක්ෂයේ ප්‍රකාශකයකු තවදුරටත් සඳහන් කළේය.