Friday, February 7, 2025
Homeපුවත්අන්තර්ජාතිකබංග්ලාදේශය යුද පිටියක් වෙයි.. දුරකතන, අන්තර්ජාල අත්හිටුවයි..

බංග්ලාදේශය යුද පිටියක් වෙයි.. දුරකතන, අන්තර්ජාල අත්හිටුවයි..

බංගලදේශයේ ඇතිවී තිබෙන දැඩි ගැටුම්කාරී තත්ත්වය මත අන්තර්ජාල පහසුකම් හා ජංගම දුරකථන පහසුකම් අත්හිටුවා තිබේ.

විශ්ව විද්‍යාල සිසුන් විසින් ආරම්භ කර ඇති විරෝධතා හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ.

විරෝධතා කරුවන් පාලනයට කඳුළුගස් හා ජල ප්‍රහාර පොලිසිය විසින් එල්ල කර ඇත.

ගැටුම් හේතුවෙන් මෙතෙක් පුද්ගලයන් හය දෙනෙකු මියගොස් ඇති අතර විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය කියා සිටී.

විරෝධතා වලට හේතු වී ඇත්තේ නිදහස් සටනට එක් වූ එරට පවුල්වල දරුවන්ට රජයේ රැකියාවලින් සියයට තිහක් වෙන් කිරීමට ගෙන ඇති තීරණය ඉවත් කර ගන්නා ලෙස ඉල්ලීමයි.

RELATED ARTICLES

Most Popular