Monday, March 17, 2025
Homeවිශේෂාංගමාලිමා ආණ්ඩුවෙන් කළු සල්ලි අයෝජනය කරන්න රාජ්‍ය අරමුදලන් හදනවා.. ඉපයූ ආකාරය හොයන්නෑ..-...

මාලිමා ආණ්ඩුවෙන් කළු සල්ලි අයෝජනය කරන්න රාජ්‍ය අරමුදලන් හදනවා.. ඉපයූ ආකාරය හොයන්නෑ..- හඳුන්නෙත්ති

ජාතික ජන බලවේගය විසින් පිහිටන ආණ්ඩුවක් යටතේත් රාජ්‍ය ව්‍යාපෘති අරමුදලක් ආරම්භ කර ඒ සඳහා ඕනෑම පුද්ගලයකුට මුදල් ආයෝජනය කිරීමේ හැකියාව ඇති කරන බව එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

මෙතෙක් ආර්ථික ක්‍රියාවලියට එක් නොවූ ජාතික ආර්ථිකයට දායක නොවූ උපයන ලද මුදල් ජනතාව සතුව ඇති බවද එම මුදල් කළු සල්ලි විය හැකි වුවත් රාජ්‍ය ව්‍යාපෘති අරමුදලට එවන් මුදල්ද ඇතුළත් කල හැකි බවත් ඔහු පැවසීය.

ලංකාවේ ඕනෑම පුද්ගලයකුට මුදල් ආයෝජනය කළ හැකි ආකාරයට මෙම අරමුදල ආරම්භ කරන බවත් මුදල් ඉපයූ ආකාරය සොයමින් යාමට අවස්ථාවක් නැති බවද හෙතෙම කියා සිටියේය.

ජාතික ජන බලවේගය විසින් පොළොන්නරුවේදී පවත්වන ලද එම දිස්ත්‍රික් බැංකු බැංකු හා මුල්‍ය ක්‍ෂෙත‍්‍රයේ වෘත්තිකයන්ගේ සාකච්ඡාවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

RELATED ARTICLES

Most Popular