ලොව පුරා ප්‍රධාන පෙළේ ආයතන රැසක මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධති වල බිඳවැටීමක් සිදුව තිබේ.
ඒ හේතුවෙන් ප්‍රධාන පෙළේ රටවල් රැසකම කොටස් වෙළඳපළ, ගුවන් ගමන්, බැංකු කටයුතුවලට දැඩි බාධා එල්ල වෙමින් ඇත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මයික්‍රසොෆ්ට්ම් සමාගම නිල වශයෙන් නිවේදනයක් නිකුත් කර නැත.
මෙම තත්වය මෙරටත් ආයතන කිහිපයකට බලපා ඇතැයි පරිඝණක හදිසි ප‍්‍රතිචාර සංසදය සදහන් කරයි.