යාපනය නගරයේ ගන්ධාර් මඩම් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පෞද්ගලික ඔසුසලක් තුල දින දෙකක් තිස්සේ මළසිරුරක් තබගෙන අවසන් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් යපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය විසින් පරික්ෂණයක් අරඹා ඇත.
අදාල නිවසේ මෙම ඔසුසල පවත්වගෙන යාම ලියාපදිංචි කොට තිබූ අතර නිවසේ වයෝවෘද්ද යුවලක්ද පසුපස ජීවත්ව සිට ඇති අතර ඉන් වයෝවෘද්ද පුද්ගලයා මිය යාමෙන් පසුව අදල ෆාමසියෙම් අවමංගල්‍ය උත්සවය සිදුකිරීම හේතුවෙන් යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යලයට ඊයේ (22) දින පැමිණිල්ලක් ලැබී තිබුණි.
ඔසුසලේ ඖෂධ ගබඩා කිරීමේදී පිළිපැදිය යුතු නීති උල්ලංගනය කරමින් ඇතම් ඖෂධ වර්ග වෙනත් ස්ථනයකට රැගෙන ගොස් ඇති බවටත් තිසිදු ආරක්ෂිත පියවරක් අනුගමනය නොකොට ඇතැම් ඖෂධ තිබෙද්දි මළසිරුරද ඒම ඔසුසල තුලම තැන්පත් කොට ඇති බවටද අදාල පැමිණිල්ලෙහි සඳහන්ව තිබීම හේතුවෙන් සෞඛ්‍ය නිලධාරීන් විසින් පරික්ෂණය අරම්භ කෙට ඇත.
මේ වන විට සෞඛ්‍ය නිලධාරීන් විසින් අදාල ඔසුසලේ හිමිකරුවන්ගෙන් ප්‍රකාශයන් ලබාගෙන ඇති අතරම ඖෂධ වර්ග ගබඩා කරන ලද ස්ථන පිළිබඳවද පරික්ෂණයන් අරඹා ඇත.