Friday, February 7, 2025
Homeවිශේෂාංගගුරුවරුන් අකුරට වැඩ කඩති… ඇමති පාසලට ගෙන්වා උත්සවයක්..

ගුරුවරුන් අකුරට වැඩ කඩති… ඇමති පාසලට ගෙන්වා උත්සවයක්..

ගුරු වෘත්තීය සංගම් අකුරට වැඩකිරීම හා වෘත්තීය ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත්කිරීම හෙතුවෙන් පාසල් අධ්‍යාපනය ගැටලු සහගත තත්වයක පත්ව ඇති මොහොතක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ගේ පුරෝගාමීත්වයෙන් රු. ලක්ෂ 235 ක වැය කර නවීකරණය කල දඹුල්ල ප්‍රාථමික විද්‍යාලය සිසු අයිතියට පත් කරන ලදි.

මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් සිදු කරන ලදි.

නවීකරණය කරන ලද දඹුල්ල ප්‍රාථමික විද්‍යාලය සිසු අයිතියට පත්කිරීමේ උත්සවය සදහා හිටපු අමාත්‍ය පා.ම. ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාද සහභාගී විය.

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ පාසලේ නඩත්තු හා නවීකරණය සඳහා අත්‍යාවශ්‍ය වූ ඇස්තමේන්තුගත රුපියල් ලක්ෂ 235 ක මුදලක් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන්ගේ මැදිහත්වීම මත වෙන් කරවාගෙන පාසලේ ගොඩනැගිලි, ජල, විදුලි, සනීපාරක්‍ෂක ඇතුලු සියලු ප්‍රතිසංස්කරණයන් සිදුකර සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යහපත් පරිසරයක සිට කරගෙන යාමට හැකිවන පරිදි අද දින සිසු අයිතියට පත් කරන ලදි.

ගුරු වෘත්තීය සංගම් අකුරට වැඩකිරීම ප්‍රකාශයට පත්කර ඇති මොහොතක වුවද, මෙම  කටයුත්තට සහය දීම ඉතා සුවිශේෂී කරුණක් විය.

– MOD

RELATED ARTICLES

Most Popular