Wednesday, December 11, 2024
Homeපුවත්දේශපාලනයජනපති රනිල් ස්වාධීන අපේක්‍ෂකයෙක් ලෙස ඇප මුදල් තැන්පත් කරයි..

ජනපති රනිල් ස්වාධීන අපේක්‍ෂකයෙක් ලෙස ඇප මුදල් තැන්පත් කරයි..

මීළඟ ජනාධිපතිවරණය සඳහා තරග වදින බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මුදල් තැන්පත් කර තිබේ.

රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාවට පැමිණි ඔහු ගේ නියෝජිත ලෙස ජනාධිපති නීතිඥ රොනෙල් පෙරේරා මහතා මෙම ඇප මුදල් තැන්පත් කිරීම සිදුකරන ලදී.

ජනාධිපතිවරයා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරි ජනාධිපතිවරණයට තරග වදින බවත් හෙතෙම සදහන් කලේය.

මැතිවරණ කොමිෂන් සභාව විසින් 2024 ජනාධිපතිවරණය කැඳවීමට අදාළ නිකුත් කර ඇති  ගැසට් නිවේදනය අනුව ජනාධිපතිවරණය සඳහා වන නාම යෝජනා බාර ගැනීම අගෝස්තු 15 වැනිදාත් ඡන්ද විමසීම සැප්තැම්බර් 21 වන දා පැවැත්වෙයි.

RELATED ARTICLES

Most Popular