පසුගියදා ඇතිවූ විරෝධතා අතරතුර හානියට පත්වූ දුම්රිය ස්ථානයක් නැරඹීමට ගිය බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා කඳුළු පිරි දෑසින් එදෙස බලාසිටින ඡායාරූපයක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.
ඒ සම්බන්ධයෙන් එරට ජනතාව පවසන්නේ අගමැතිවරිය කිඹුල් කඳුළු හෙළන බවයි.
එරට පැවති උද්ඝෝෂණ හේතුවෙන් 150 දෙනෙක් පමණ මියගිය අතර එම මියගිය අය වෙනුවෙන් අගමැතිවරිය ඒ ආකාරයට කනගාටු නොවූ බව සමහරු පවසති.
එරට රජයේ රැකියාවලින් 30%ක් යුද විරුවන්ගේ ඥාතීන්ට ලබාදිය යුතු බවට ගෙන ආ යෝජනාවට එරෙහිව සිසු උද්ඝෝෂණ ඇතිවිය.
ඒ හේතුවෙන් රටපුරා හදිසි තත්ත්වයක් ඇතිවූ අතර පසුව එරට අධිකරණය මැදිහත්වී රැකියා කෝටාව 7%ක් දක්වා අඩු කළේය.