කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අද (26) පැවැත්වෙයි.
එහි කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්තානයට ලබා දීමටය.
ඒ අනුව පාකිස්තානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 140ක් රැස් කළේය.
තරගය ජයගැනීමට සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 141කි.