Wednesday, December 11, 2024
Homeවිශේෂාංගඅරගල කාලෙ පෑඩ් ජනාධිපති මන්දිරයේ.. දමිතාගේ ලේ පරීක්‍ෂා කරයි..

අරගල කාලෙ පෑඩ් ජනාධිපති මන්දිරයේ.. දමිතාගේ ලේ පරීක්‍ෂා කරයි..

ජනා­ධි­පති ලේකම් කාර්යා­ල­යට 2022 වසරේ ජූලි මස 09 වනදා අයුතු ඇතුළු වීමක් කළ සිද්ධියේ ඇප මත මුදා හැර ඇති ප්‍රවීණ රංග­න­වේ­දිනි දමිතා අබේ­රත්න ඇතුළු කාන්තා­වන් තිදෙ­නාට රුධිර සාම්පල ඩීඑන්ඒ පරී­ක්ෂ­ණ­යක් සඳහා අධි­ක­රණ වෛද්‍ය­ව­රයා හමු­වට ලබන 29 යොමු­වෙන ලෙස කොටුව මහේ­ස්ත්‍රාත් තනූජා ලක්මාලි මහ­ත්මිය ඊයේ (26) නියෝග කළාය.

පසු­ගිය මාර්තු මාසයේ දමිතා ඇතුළු කාන්තා­වන් තිදෙ­න­කුට එහි යන ලෙස පූර්ව­ගාමී විනි­සු­රු­ව­රයා කළ නියෝග ප්‍රකා­රව ඇය එහි පෙනී සිට නැතැයි කොළඹ උතුර අප­රාධ කොට්ඨා­සය කළ කරුණු දැක්වී­මෙන් අන­තු­රුව මහේ­ස්ත්‍රා­ත්ව­රිය මේ නියෝ­ගය සිදු කළාය.

ජනා­ධි­පති ලේකම් කාර්යා­ලයේ තිබී හමු වූ සනී­පා­ර­ක්ෂක තුවා හය සම්බ­න්ධ­යෙන් විම­ර්ශන කිරී­මට රුධිර සාම්පල ලබා දෙන ලෙස සැක­කා­රි­යන් තිදෙ­නාට නියෝග කරන ලෙස කොළඹ උතුර අප­රාධ කොට්ඨා­සය අධි­ක­ර­ණ­යෙන් පසු­ගිය දිනයේ ඉල්ලීම් කළ අව­ස්ථාවේ දමිතා අබේ­රත්න වෙනත් නඩු­වක් සම්බ­න්ධ­යෙන් බන්ධ­නා­ගා­ර­ග­තව සිටි බව නීතිඥ තිළිණ වීර­සිංහ මහතා අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.

පෙර දින මෙලෙස නියෝග නිකුත් කෙරුණේ දමිතා අබේ­රත්න, නෝනා මුරින් සහ සචිනි කෞශල්‍යා යන කාන්තා­වන් තිදෙ­නා­ටය.

මේ නඩුවේ 17 සැක­කරු ඇප මත මුදා හැර ඇති කොස්වතේ මහා­නාම හිමි සිවුරු හැර ඇති බවත් ගිහි නම ගිහාන් දුමින්ද අම­ර­සිරි ලෙස නඩු ගොනු­වක් ඇතු­ළත් කරන ලෙසත් පොලි­සිය අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය.

අප මත මුදා හැර ඇති අධි­ක­ර­ණයේ පෙනී නොසිටි හය­වන සැක­ක­රුට වරෙන්තු නිකුත් කළ මහේ­ස්ත්‍රා­ත්ව­රිය ඇප­ක­රු­වන්ට නොතිසි නිකුත් කළාය.

මේ නඩුවේ ඇප මත මුදා හැර ඇති සැක­ක­රු­වන් වන රතිදු සේනා­රත්න නොහොත් රැට්ටා, දුමින්ද නාග­මුව, ජෝසප් ස්ටාලින්, වසන්ත සම­ර­සිංහ, දමිතා අබේ­රත්න, වසන්ත මුද­ලිගේ, මංගල පුෂ්ප­කු­මාර, ජීවන්ත පීරිස් පිය­තුමා ඇතුළු ඇප මත මුදා හැර ඇති සැක­ක­රු­වන් 41 දෙනෙක් අධි­ක­ර­ණයේ පෙනී සිටි­යහ. නීති­පති උප­දෙස් සඳහා ලබන දෙසැ­ම්බර් මස 13 යළි කැඳ­වන ලෙස කොටුව මහේ­ස්ත්‍රා­ත්ව­රිය නියෝග කළාය.

– සුභා­ෂිණී සේනා­නා­යක

RELATED ARTICLES

Most Popular