Wednesday, December 11, 2024
Homeවිශේෂාංගසෑම පාසලකට ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිටපතක් ලබා දිය යුතුයි - විපක්ෂ නායක

සෑම පාසලකට ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිටපතක් ලබා දිය යුතුයි – විපක්ෂ නායක

ප්‍රජාතන්ත්‍රවාදය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, විධායකය, ව්‍යවස්ථාදායකය, ප්‍රතිපත්ති සම්පාදනය යනාදිය පිළිබඳ තීන්දු තීරණ ගන්නා ආකාරය ගැන දරුවන් දැනුවත් විය

යුතු බවත්, ඒ සඳහා සෑම පාසල් පුස්තකාලයකට ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිටපතක් ලබා දිය යුතු බවත්, එවිට කිසිවකු කියන දේ අසනවා වෙනුවට ජනතාවට ම සත්‍ය දැනගත හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසී ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙලෙස පැවසුවේ කළුතර බණ්ඩාරගම මිල්ලනිය අඟුරුවාතොට උඩුවර කනිෂ්ඨ විද්‍යාලයට සක්වළ සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 380වන අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා…

බියකරු තත්ත්වයක්

‘‘ඒ වගේ ම පුරවැසි අධ්‍යාපනය තුළ, දූ දරුවන්ගේ අධ්‍යාපනය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාසලේ පුස්තකාලයට ලබා දීම වගේ ම ඔවුන්ට ඒ පිළිබදව අවබෝධයක් ලබා දිය යුතුයි. සුළු පිරිසක් මෙය අර්ථකථනය කිරීමට ගියොත් අතිශය භයංකාර තත්ත්වයක් ඇති වෙනවා. රටේ නීතිය ඔවුන්ට අවශ්‍ය විදියට පරිහරණය කරන්න පුළුවන්; ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා පෞද්ගලික පරිහරණයට ලක් වෙන්න පුළුවන්. සමගි ජන බලවේගය නිර්මාණය කරන සංවර්ධන සැලසුම් තුළ අපි ජනතාව අනාථ කරන්නෙ නෑ. අපි අනිවාර්යයෙන් ම ජීවනෝපායට හරි මගක් නිර්මාණය කරනවා.

පුරවැසියන්ට නිසි දැනුමක්

අද වන විට විවිධ කණ්ඩායම් ව්‍යවස්ථා දායකය විධායකය ආදිය ගැන විවිධ කතා කියනවා. ඒ නිසා පුරවැසියන්ට මේ ගැන නිසි දැනුමක් තිබිය යුතුයි. එහෙම නොවුනොත් රටේ තාවකාලික බාරකරුවන් වන පාලකයෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති කරුණු සහ වගන්ති විවිධ ආකාරයට අර්ථ නිරූපණය කරල ඔවුන්ට වුවමනා විදියට අර්ථකථනය කරන්න ඉඩ තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන දැනුවත් නම් කාටවත් කවුරුවත් රවට්ටන්න බෑ. එතකොට මූලික අයිතිවාසිකම් ගැන දැනුවත් වෙන්න පුළුවන්; ජනතාවට සැබෑ තත්ත්වය දැන ගන්නත් පුළුවන්.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 63කට රුපියල් ලක්ෂ 1906ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණ, ඒ වගේ ම සක්වළ බස් රථ වැඩසටහන යටතේ පාසල් 89ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 89ක් අපි ලබා දී තිබෙනවා. ඒ සඳහා රුපියල් ලක්ෂ 4342ක්, සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 380ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී තිබෙනවා. අපි ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 4239ක් වැය කරල තියෙනවා.’’

(ජයසිරි අලවත්ත)

RELATED ARTICLES

Most Popular