Monday, March 17, 2025
Homeපුවත්දේශපාලනයරනිල්ද, ධම්මිකද.. අවසන් තීන්දුව ගැනීම මිත‍්‍ර මහින්දට පවරයි..

රනිල්ද, ධම්මිකද.. අවසන් තීන්දුව ගැනීම මිත‍්‍ර මහින්දට පවරයි..

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගන්නා ස්ථාවර සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමේ බලය එම පක්‍ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පවරා තිබේ.

ඊට පෙරාතුව අද හා හෙට දෙදින තුල පක්‍ෂයේ ඉහලම නායකයන් හමුවී තව දුරටත් දීර්ඝව සාකච්චා කිරීමට නියමිතය.

ඒ අනුව එම පක්ෂයේ තීරණය එළැඹෙන 29 වැනිදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

අද හා හෙට දෙදෙන තුළ පක්ෂයේ ප්‍රධානීන් අතර මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

දැනටමත් එම පක්ෂය සැලකිය යුතු මට්ටමට දෙකඩ වී ඇති අතර වැඩි කොටසක් ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීම සඳහා ඉදිරිපත් වී සිටිති.

ඉන් පිරිසක් දැනටමත් මහින්ද රාජපක්ෂ මහතාටද ඒ බව දැනුම් දී තිබේ.

තවත් පිරිසක් කියා සිටින්නේ ජනාධිපතිවරයාට සහාය දීමෙන් වැළකී වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවයි.

කෙසේ වෙතත් මෙම යෝජනා සම්බන්ධයෙන් අද හා හෙට දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

RELATED ARTICLES

Most Popular