Monday, March 17, 2025
Homeවිශේෂාංගමැතිවරණ කොමිසමට ඇමරිකා තානාපතිගෙන් උණුසුම් සුබ පැතුම්..

මැතිවරණ කොමිසමට ඇමරිකා තානාපතිගෙන් උණුසුම් සුබ පැතුම්..

මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරණය ප්‍රකාශට පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සිය ප්‍රසාදය පළකර තිබේ.

ඒ X පණිවිඩයක් නිකුත් කරමිනි.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ශ්‍රී ලංකාවේ දිගුකාලීන කැපවීම තහවුරු කරමින් සැප්තැම්බර් 21 වනදා ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සතුටු දායක බව පැවසුවාය.

ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඔවුන්ගේ අනාගතය තීරණය කිරීමට බලය ලබා දෙන නිදහස් හා සාධාරණ මැතිවරණයක් බලාපොරොත්තු වන බව වැඩිදුරටත් එම පණිවිඩයේ දැක්වෙයි.

– නාගොඩ සුමන උදයන්ත

RELATED ARTICLES

Most Popular