Friday, February 7, 2025
Homeපුවත්දේශපාලනයරනිල්ට සහාය දෙන්න උඩින්ම ලෑස්තියි..- මහින්ද

රනිල්ට සහාය දෙන්න උඩින්ම ලෑස්තියි..- මහින්ද

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය දක්වන අපේක්ෂකයා හෙට දිනයේ ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂයේ නායක හිතපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස්වී මෙම තීරණය ගන්නා බවද ඔහු පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට පක්ෂය තීරණය කළහොත් උඩින්ම සහාය දෙන බවද හෙතෙම සඳහන් කරයි.

වෙනත් අපේක්ෂකයෙකු පත් කිරීමටද පක්ෂය තීරණය කළොත් ඒ සඳහාද සහය දෙන බවද ඔහු පැවසීය.

පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු තම පුද්ගලික මතය මත අපේක්ෂකයන්ට සහාය දීමට තීරණය කර ඇති බවත් එම පිරිසට අවශ්‍ය නිදහස ලබා දුන් පසුව එය ගැටලුවක් නොවනු ඇති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

සාකච්ඡාවකින් පසු මාධ්‍යවේදීන් අමතමින් හෙතෙම මේ අදහස් පල කරන ලදී.

RELATED ARTICLES

Most Popular