ජාතික ජන බලවේගයට බලය ලබාගැනීම සඳහා සිංහල ජනතාවගේ ඡන්ද පමණක් ප්රමාණවත් වුවද එසේ ජයග්රහණය කොට පලක් නැතැයි එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.
සිංහල ජනතාවගේ ඡන්දයෙන් පමණක් ජයග්රහණය කිරීම ප්රමාණවත් නැති බවද තම පක්ෂයට උවමනා වන්නේ දෙමළ මුස්ලිම් සිංහල ජනතාවගේ බහුතර විශ්වාසය දිනාගත් ආණ්ඩුවක් පිහිටවීම බවද ඔහු පැවසීය.
තමන් පක්ෂයක් ලෙස දේශපාලනය කරන්නේ ඡුන්දයම බලාගෙන නොව රට හැදීම සඳහා බවත් හෙතෙම කියා සිටියි.
ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගයේ ජන හමුවක් ගාල්ලේදී අමතමිනි.