ජනාධිපතිවරණ රාජකාරී කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු, නියෝජ්‍ය පොලිස්පතිවරයකු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු පත් කර ඇත.
ජනාධිපති අපේක්ෂකයන්ගේ සහ ජනාධිපතිවරුන්ගේ අධීක්ෂණය කිරීම නිලධාරියකු පෞද්ගලික හිටපු ආරක්ෂාව සඳහා සම්බන්ධීකරණ වශයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයකු ද වහාම ක්‍රියාත්මක වන පරිදි පත්කර තිබෙන බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට, නියෝජ්‍ය පොලිස්පති පී. ලියනගේ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ඩී ජී. එල්.ඒ. ධර්මසේන යන මහත්වරුන් ජනාධිපතිවරණ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා මෙසේ පත්කර ඇත.
ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ පෞද්ගලික ආරක්ෂාව කිරීම සඳහා පත්කර ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වයි. සෙනෙවිරත්න මහතාය.
– ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය