Wednesday, December 11, 2024
Homeවිශේෂාංගසයිබර් අපරාධ කඳවුරු වල සිටින පිරිස මුදා ගන්න සාකච්ඡා…

සයිබර් අපරාධ කඳවුරු වල සිටින පිරිස මුදා ගන්න සාකච්ඡා…

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවාගෙන සිටින ශ්‍රී ලාංකිකයින් බේරා ගැනීම සම්බන්ධයෙන් ආරක්ෂ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා එරට අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවක් පවත්වා ඇතිබව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

බිම්ස්ටෙක් ජාතික ආරක්ෂ ප්‍රධානීන්ගේ 04 වැනි සමුළුවට සහභාගි වීමට මියන්මාරයට ගොස් සිටින අතරතුර ආරක්ෂක ලේකම්වරයා එරට අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී එම හමුව සිදු කර තිබේ.

අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිස මුදාගැනීම සඳහා සහාය වන ලෙස ආරක්ෂක ලේකම්වරයා එහිදී ඉල්ලීමක් කර තිබේ.

එම ගැටලුව විසඳීමට ප්‍රමුඛත්වය දීම සඳහා වන සිය රජයේ කැපවීම එහිදී මියන්මාර අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇතිබව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.

– නාගොඩ සුමන උදයන්ත

RELATED ARTICLES

Most Popular