Friday, February 7, 2025
Homeවිශේෂාංගජනාධිපතිවරණය නිසා මෝදිගේ ලංකාගමනය අවලංගු කෙරේ !

ජනාධිපතිවරණය නිසා මෝදිගේ ලංකාගමනය අවලංගු කෙරේ !

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය සිදුනොවනු ඇතැයි වාර්තා වේ.

ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය එස්. ජයශංකර්ගේ 2024 ජූනි 20 වැනි දින ශ්‍රී ලංකා නිල සංචාරය ඉන්දීය අගමැතිවරයාගේ ඉදිරි සංචාරය පිළිබඳ ඉඟියක් ලෙස සැළකිණි.

එමෙන්ම, ඊට පෙර ඉන්දීය අගමැතිවරයාගේ දිවුරුම්දීමේ උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වූ අවස්ථාවේදීත් එවැනි සංචාරයක් පිළිබඳව කතාබහට ලක්විය.

කෙසේවෙතත්, පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව, මෙම සංචාරය සිදුනොවනු ඇති බව වාර්තා සඳහන් කරයි.

ශ්‍රී ලංකා රජය විදේශ නායකයන් සමඟ කටයුතු කිරීම සීමා කර ඇත්තේ සැප්තැම්බර් 21 වනදා අවසන් වීමට නියමිත ජනාධිපතිවරණය කෙරෙහි දැන් අවධානය යොමුකර ඇති බැවිනි.

මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අගෝස්තු 15 වනදා සිදු කෙරෙන අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන අය අපේක්ෂකයන් ලෙස නාමයෝජනා භාරදීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව වෙත ඇප මුදල් තැන්පත් කර ඇත.

RELATED ARTICLES

Most Popular