Monday, March 17, 2025
Homeපුවත්දේශපාලනයසජිත්ට 56%ක්.. සමීක්‍ෂණයකින් හෙලිවෙයි.. වසර 10ක් ජනාධිපතිලු..

සජිත්ට 56%ක්.. සමීක්‍ෂණයකින් හෙලිවෙයි.. වසර 10ක් ජනාධිපතිලු..

ඉදිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතාට සියයට පණහක ඡන්ද ප්‍රතිශතය මේ වන විටත් තහවුරු වී අවසන් බව සමීක්‍ෂනවලින් තහවුරු කර ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද ප්‍රතිශතය බොහෝ දුරට සියයට පනහෙන් එපිට සියයට පනස් පහ පනස් හය දක්වා ඉහළ යා හැකි බවද හෙතෙම කියා සිටියි.

අනෙක් අපේක්ෂකයන් අතර ඇත්තේ ඉතිරි ඡුන්ද ප්‍රතිශතය බෙදා ගැනීමේ සටනක් පමණක් බවද ඔහු පවසයි.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වන්නේ ගෝඨාභය රාජපක්ෂ මෙන් වසර දෙකකින් දමා යන්නට නොව වාර දෙකක් ජනාධිපති ධුරය දැරීමට බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

ජන හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

RELATED ARTICLES

Most Popular