මෙවර ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දැක්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය සන්ධානගතවීම සදහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම 2024 අගෝස්තු 07 වැනි දින බත්තර මුල්ල , වෝටර්ස් ඒජ් හෝටලයේදී උත්සවාකාරයෙන් සිදු කෙරිණ.එහිදී සමගි ජන බලවේගය වෙනුවෙන් එහි නායක සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරු දෙපාර්ශ්වයේ අවබෝධතාවයට අදාළ ගිවිසුමට සුබ මොහොතින් අත්සන් තැබූහ.
එහිදී අදහස් දැක්වූ,සමගි ජන බලවේගයේ නායක,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙම එක්වීම හුදෙක් බලය සදහා වන සාම්ප්‍රදායික සන්ධානගත වීමක් නොවන බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා
“අපේ රටේ විවිධ අවස්ථාවලදී දේශපාලනමය වශයෙන් සිදුවණ සන්ධානගතවීම් අපි ඉතිහාසය පුරා දැක් තිබෙනවා.එම සන්ධානගතවීම් විග්‍රහ කෙරෙන්නේ බලය ලබාගැනීමේ අරමුණින් ඇතිකර ගනු ලබන අවබෝධතාවයක් විදියටයි.නමුත් අද මේ ඇතිකරගන්නා එකගතාවය ,හුදෙක් බලය ලබාගැනීමේ හෝ අවස්ථාවාදී දේශපාලන ගමනක නිරත වීමේ අරමුණින් නිර්මාණය වූ එකක් නෙවෙයි.ශ්‍රී ල්ංකා නිදහස් පක්ෂයට සහ සමගි ජන බලවේගයට මෙම එකගතාවට එළැඹීම සදහා පැහැදිලි න්‍යායාත්මක පදනමක් තිබෙනවා.
සමගි ජන බල්වේගය අන්ත ධනවාදය සහඅන්ත සමාජ වාදය අප්‍රතික්ෂේප කරන පක්ෂයක් .ඒ වෙනුවට සමාජ සාධාර්නත්වය සහ ධනවාදයේ සහ සමාජ වාදයේ සාර්ථක කොටස් මුසුකරගෙන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ගමනක් යන පක්ෂයක් ලෙස අපට ශක්තිමත් න්‍යායාත්මක පදනමක් තිබෙනවා සග,වෙද,ගුරු,ගොවි , කම්කරු යන පංච මහා බලවේග කේන්ද්‍ර කරගත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනාක මැතිතුමාගේ පොදුජන හිතවාදී ගමන තුළ නිර්මාණය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ප්‍රතිපත්තිමය වශයෙන් එකතුවෙන්න.ඒ නිසා මාතෘ භූමියටත්, එහි ජීවත්වෙන ලක්ෂ 220 ජනතාවටත් සෞභාග්‍යය ගෙන එන , සෑමදෙනා සුඛිත මුදිත කරවන ජනතාවාදී එකමුතුවක් විදියට මේ එකමුතුව හදුන්වන්න පුළුවන්.මේ ගමන තුළ පොදුජන කේන්ද්‍රීය ආර්ථික සංවර්ධනයකට අපි මුල පුරනවා.සමාජ සාධාරණත්වය,සමානාත්මතාව යන ප්‍රතිපත්ති තුළ තමයි අපි රට ගොඩනැගීමට මුලපුරන්නේ.
මේ ගිවිසුම බලය,වරදාන ,තනතුරු සහ වරප්‍රසාද වෙනුවෙන් ඇතිකරගත් එක්ක නොව,ලක්ෂ 220ක් වන රටේ සියලුම ජනතාවට උන්නතිය සහ සෞභාග්‍යය ළගාකර දීම වෙනුවෙන් ඇතිකරගත් එකක්.ජරාජීර්ණවූ දේශපාලන සංස්කෘතියට තිත තබමින්,රාජ්‍ය පාලනය රටේ ජනතාවගේ උන්නතිය සහ සෞභාග්‍යය වෙනුවෙන් වන මහා ජනතා සේවාවක් තමයි අපි මේ ආරම්භ කළේ.
ඒ නිසා අද අපි මේ ඇතිකරගත් එකගතාව සැබෑම සිස්ටම් චේන්ජ් එකක් .
පවුල් වාදය,ඥාති සංග්‍රහ ,ගජ මිතුරන් පෝෂණය කිරීම පැත්තක දමලා යන ආදර්ශමත් ගමනකටයි මේ මුලපුරන්නේ.ඇමතිකම් බෙදීම් ,ආයතන ගැසට් කරගැනීම්,සභාපතිකම් බෙදාගැනීම් ආදිය කිසිවක් අපේ ගිවිසුම් වල නෑ.නිපුණතාවය,කුසලතාවය සහ රටට අගයක් එකතුකිරීම තමයි මේ රාජ්‍ය පාලනයට කොටස්කරුවන් සම්බන්ධ කරගැනීමේ එකම නිර්ණායකය.
මාව මුදලට ගන්න බෑ.ඒ වගේම තනතුරු,වරප්‍රසාද හෝ සංතෝෂම්වලට මා හෝ සමගි ජන බලවේගය ඇතුළු අප සමග එකතුවී සිටින කණ්ඩායම මිලදී ගන්න බෑ.මොකද රටත්,ලක්ෂ 220ක් වන ජනතාවගේ අයිතීන් සුරැකීමත් තමයි අපේ ඒකායන අරමුණ.
නිදහස් ,නිවහල් මාතෘ භූමියක් මතු පරපුරට උදාකර දෙන්න අපි මේ සමග කැපවෙනවා.අද මේ ඇතිකරගත් ගිවිසුම හුදෙක් කොළ කෑලිවලට සීමාවූ එකක් නෙවෙයි.ඒ ගිවිසුම සැබෑවටා තියෙන්නේ හදවතේ.මම අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ගිවිසුමකට එළැඹුණේ පිරිසිදු හදවතකින් බව මම මේ මොහොතේ ප්‍රකාශ කරන්න කැමතියි.අපේ මාතෘ දූමිය සැබෑ සෞභාග්‍යයක් කරා ගෙන යාමත්, සුපිරි ධනවතුන්ට සීමාවූ සෞභාගයයක් නොව සාධාරණත්වය,ධනය,ආදායම,සම්පත බෙදීයාම හැමෝටම එකතු කරගත් සෞභාග්‍යක් කරා රට ගෙනයාම මේ ගමනේ අරමුණයි.
එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්,පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා,
සිරිමාවෝ මැතිණිය 94දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එදා දිනන්න පුළුවන් නායිකාව වන චන්ද්‍රිකා බණ්ඩාරනායකමැතිණියට බාරදුන්නා.චන්ද්‍රිකා මැතිණිය අවුරුදු 10ක් ශක්තිය දුන්නා. ඉන්පසුව එතුමිය පත්කරන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාව.එතුමාගේ කාලය තුළ පක්ෂය ජයග්‍රහණ රැසක් ලබාගත්තත් බලය පවුලට සීමා කරගත්තා.මේ හේතුව නිසා පක්ෂයේ ලේකම්වරයාවූ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පක්ෂයෙන් ඉවත්වෙලා ගිහින් ජනාධිපති ධූරයට පත්වුණා.අද ඊට අවුරුදු 9 1/2 කට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායකයෙක් නැති පක්ෂයක් බවට පත් වෙලා.
අනෙක් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වුණාට පස්සේ කිසිම නායකයෙක් හැදෙන්න දෙන්නෙ නෑ.
එහි ප්‍රතිඵලයක් විදියට,එක්සත් ජාතික පක්ෂය අද එකම එක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට සීමාවෙලා.2019 ජනාධිපතිවරණය ඉවර වුණාම වත් නායකත්වය සජිත් ප්‍රේමදාස මැතිතුමාට බාරදුන්නා නම් අද මේ තත්ත්වය වෙන්නේ නෑ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අදවනවිට තියෙන්නේ උසාවියේ .එහි බලය තියෙන්නේ ප්‍රධාන ලේකම්වරයා වන මට පමණයි.අනික් අය ආණ්ඩු බලයට පක්ෂ මූලස්ථානය බලෙන් අල්ලා ගෙන ඉන්න පිරිසක්.ලබන සැප්තැම්බර් 21 වැනිදා සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති ධූරයට පත්වූ පසු නියම විදියට පක්ශ මූලස්ථානය අපේ අතට අරන් පක්ෂය ගොඩනගන බව අද මම ප්‍රකාශ කරන්න කැමතියි.
රට ගොඩනගන්න පුළුවන් දක්ෂයින් පිරිසක් සමගි ජන බලවේගය තුළ ඉන්නවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළත් ඒවගේම ශක්තිමත් කණ්ඩායමක් ඉන්නවා.
ඒ නිසා අපට පුළුවන් රටට අවශ්‍ය අලුත් නායකත්වය ලබාදෙන්න.
එදා සජිත් ප්‍රේමදාස මැතිතුමා රට භාරගත්තා නම් පොදුජන පෙරමුණේ කොමිස් කාරයෝ,හොරු,මංකොල්ල කාරයෝ ආරක්ෂා කරන්න එතුමාට සිද්ධ වෙනවා.ඊයෙ පෙරේදා වෙනකල් මහින්ද රාජපක්ෂ මැතිතුමාට අප්පච්චි කියපු කට්ටිය අද රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බාප්පොච්චි කියන්න පටන් අරන් තියෙනවා.අපට හිතාගන්න බෑ මෙහෙම කොහොමද මිනිස්සු හැසිරෙන්නේ කියලා.පක්ෂය පාවා දෙන්න අපි කිසිවිටෙකත් සූදානම් නෑ.අපට ඉතා ශක්තිමත්වැඩපිළිවෙලක් සහිතව ඉදිරියට යන්න පුළුවන්.අපි හැම ආසනයක සජිත් ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහණය කරවන්න වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කරනවා.ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට රටේ ග්‍රාම සේවා කොට්ඨාෂ 14020ම සජිත් ප්‍රේමදාස මැතිතුමා වෙනුවෙන් රැස්වීම් තියන්නත් ගමින් ගමට ගෙයින් ගෙට යන්නත් අපි සූදානම්.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ නිදහස් ජනතා සන්ධානයේ මහ ලේකම්,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති තිලංග සුමතිපාල මහතා
එදා මෙදා තුර එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුමන්ගේ ලෙයින් සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ කදුළින් පෝෂණය වෙමින් දිගු ගමනක් ආ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද , පක්ෂයේ අනන්‍යතාවයද රැකගෙන සමගි ජන බලවේගය සමග අවබෝධතාවකට එළැඹීමේ ඓතිහාසික තීන්දුවට අද එළඹ තිබෙනවා.
අද අපේ රට විශාල අර්බුදයකයි තිබෙන්නේ.මේ අර්බුදයෙන් ගොඩ ගැනීමට නම් පක්ෂයක් විදියට අපේ වගකීමක් තිබෙනවා විශ්වාසනීය කණ්ඩායක් සහ විශ්වාසනීය නායකයෙක් එක්ක වැඩ කරන්න.එමනිසා අපි ප්‍රධාන කරුණු 25ක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සමග එකගතාවකට ආවා.ඒ සමග අපි කල්පනා කළා නිවැරදි,අවංක,දක්ෂ පුද්ගලයෙකුට රට බාර දිය යුතුයි කියලා.සජිත් ප්‍රේමදාස මහතා ජනතා මෙහෙවර වෙනුවෙන් අවංකව කැපවූ නායකයෙක්.ඔහුට හොද දැක්මක් තිබෙනවා.ඔහු සාමාන්‍ය ,නැති බැරි ජනතාව නියෝජනය කරන නායකයෙක්.
ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇරෙන්න අපට අපේ පක්ෂයේ වාමාංශික,මැද මාවතේ ප්‍රතිපත්ති සමග එකග විය හැකි නායකයෙක් මේ යුගයේ ඉන්නවා කියලා මම හිතන්නේ නෑ.ඒ වගේම එතුමා සමග දක්ෂ කණ්ඩායමක් ඉන්නවා.එතුමා සමග එකතුවෙලා ඉන්නෙත් දක්ෂ,අවංක කණ්ඩායමක්.අපි ජාතිවාදී,ආගම්වාදී පක්ෂයක් නෙවෙයි.අපි මැද මාවතේ යන පක්ෂයක්.අපි දීර්ඝව සාකච්ඡා කළා අද රට වෙනුවෙන් හිටගන්න ඕන කොතනද කියලා . මේක හුදෙක් දේශපාලන තීන්දුවක් නෙවෙයි.අපේ ජාතික වගකීමක් විදියටයි අපි මේ තීන්දුව ගත්තේ. අපි මේ යුගයේ අවශ්‍යතාවයක් සදහා ජාතික කර්තව්‍යයකටයි අපි මුහුණ දෙන්න යන්නේ.ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණයෙදී අපේ උපරිම සහයෝගය ලබදී සජිත් ප්‍රෙමදාස මැතිතුමාගේ ජයග්‍රහණය තහවුරු කරනවා.
සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා
රටට ආදරය කරන,අවංක විශාල පිරිසක් අද සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ වැඩපිළිවෙලට එකග වෙලා අප සමග එකතු වෙනවා.අද මේ රටේ ඓතිහාසික අවස්ථාවක්. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්,එක්සත් ජාතික පක්ෂයේ 95%ක පිරිසක් ඉන්න සමගි ජන බලවේගයත් එකතු වන අවස්ථාව.ඉතිහාසයේ කවදාවත් අපි දෙගොල්ලෝ එක ගමනක් ගිහින් නෑ.අපි ඒ ගැන සතුටු වෙනවා වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ අප සමග එක්වීමට ගත්ත තීරණය ගැනත් ස්තූති වන්ත වෙනවා.අදවනවිට 30කට වැඩිය මන්ත්‍රීවරු සංඛ්‍යාවක් සජිත් ප්‍රේමදාස මැතිතුමා කෙරෙහි විශ්වාසයෙන් අප සමග වෙලා ඉන්නවා .හෙට අපි සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සමගි ජන සංධානය පිහිටුවන්න කටයුතු කරනවා.එහි සාමජිකයෙකු ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතුවීම ගැන අපි ඉතා ආඩම්බර වෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති,මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස මහතාද මෙහිදී අදහස් දැක්වීය.
සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්,පක්ෂ ක්‍රියාකාරිකයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්තාවට එක්ව සිටියහ.
– Media unit