Friday, February 7, 2025
Homeපුවත්දේශපාලනයරාජිත ආණ්ඩුවට.. උත්සවය ලෑස්තියි..

රාජිත ආණ්ඩුවට.. උත්සවය ලෑස්තියි..

සමගි ජන බලවේග කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා හෙට පෙරවරුවේ ජනාධිපතිවරයාට සහාය ලබාදීම සඳහා ආණ්ඩු පාර්ශවයට එක්වීමට නියමිතව තිබේ.

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ඒ සදහා මේ වන විටත් කටයුතු සංවිධානය කරමින් ඇති බව වාර්තා වෙයි.

මන්ත‍්‍රීවරයා කළුතර දිස්ත්‍රික්කයේ තම ආධාරකරුවන් කැඳවා මේ පිළිබඳව අදහස් විමසීමක් කර ඇති අතර එහිදී පාක්ෂිකයන් පවසා ඇත්තේ ද ජනාධිපතිවරයාට සහාය දීම සුදුසු බවයි.

ජනාධිපතිවරයා විසින් ආර්ථිකය ගොඩනැගු ආකාරයද මන්ත්‍රීවරයා විසින් කරුණු පැහැදිලි කර ඇත

RELATED ARTICLES

Most Popular