Friday, February 7, 2025
Homeපුවත්දේශපාලනයඅද සිට SJB මන්ත‍්‍රී කණ්ඩායම රැකගන්න සජිත්ට බැරිවෙනවා..

අද සිට SJB මන්ත‍්‍රී කණ්ඩායම රැකගන්න සජිත්ට බැරිවෙනවා..

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද සිට රැක ගැනීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට නොහැකි වනු ඇති බව රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත ද සිල්වා මහතා කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ බේරුවලදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අමතමිනි.

“සජිත් ප්‍රේමදාස උදේ ඉඳලා රෑ වෙනකම්, රෑ ඉඳලා උදේ වෙනකම් දැන් කල්පනා කරන්නේ ඔහුගේ මන්ත්‍රි කණ්ඩායම ජනාධිපතිවරයාට සහාය දක්වන එක නතර කරගන්නේ කොහොමද කියලයි. සමගි ජන බලවේගයට අද සිට උදාවෙන්නේ තීරණාත්මක කාලයක්. ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. එය නතර කරන්න ජාතික ජන බලවේගයේ අනුරට හෝ සජබේ සජිත්ට හැකියාවක් ලැබෙන්නේ නෑ’’

RELATED ARTICLES

Most Popular