Friday, February 7, 2025
Homeවිශේෂාංගජල විදුලි බලාගාරයක ගංජා වවයි.. නිලධාරින් දෙදෙනෙක් අත්අඩංගුවට..

ජල විදුලි බලාගාරයක ගංජා වවයි.. නිලධාරින් දෙදෙනෙක් අත්අඩංගුවට..

විමලසුරෙන්ද්‍ර  ජල විදුලිබලාගාරයේ ආරක්ෂක අංශයේ නිලධාරින් දෙදෙනෙකු (14) දින සැකපිට අත්අඩංගුවට ගත් බව නොර්ටන්බ්‍රිජ් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කපිල විජේරත්න මහතා පැවසිය.

එම ආරක්ෂක අංශ නිලධාරින් දෙදෙනා රැදි සිටින එම විදුලිබලාගාරයේ නේවසිකාගාරයක එළි මහනේ ගංජා වවා ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් එකකය වෙත කරන ලද පැමිණිල්ලක් මත  නොර්ටන්බ්‍රිජ් පොලිසියේ නිලධාරින් පිරිසක් එම නේවාසිකාගාරය වෙත ගොස් පරික්ෂාකිරිමෙදි නේවාසිකාගාරයට පිටතින් වගා කර තිබු කුඩා ගංජා පැළ දෙකක් සහ නේවාසිකාගාරය තුළ තිබි වියලි ගංජා පැකැට්වුවක් සොයා ගත් බවයි පොලිස් ස්ථානිධිපතිවරායා කියා සිටියේ.

අත්අඩංගුවට ගත් ආරක්ෂක අංශ නිලධාරින් දෙදෙනා වයස අවුරුදු 35 – 40 වයස්වල පසුවන අය බවත්, එම සැකකරුවන් දෙදෙනා (15) දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිස් ස්ථානාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියි.

– රංජිත් රාජපක්ෂ

RELATED ARTICLES

Most Popular