Friday, February 7, 2025
Homeවිශේෂාංගපාසල් නිවාඩුව හෙට සිට.. නිවාඩුව ඉතා කෙටියි…

පාසල් නිවාඩුව හෙට සිට.. නිවාඩුව ඉතා කෙටියි…

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් වල 2024 වර්ෂයේ දෙවැනි පාසල් වාරය හෙට (16) අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

තුන්වැනි පාසල් වාරයේ පළමු අදියර ලබන 26 වැනිදා ආරම්භ වෙයි.

එම අදියර නොවැම්බර් 22 දක්වා පැවැත්වීමට නියමිතයි.

මේ අතර 2024 වර්ෂයේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 15 වැනිදා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙම වසරට අදාළ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙල විභාගය සැප්තැම්බර් 25 සිට දෙසැම්බර් 20 දක්වා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

– නාගොඩ සුමන උදයන්ත

RELATED ARTICLES

Most Popular