තමන් ජනාධිපතිවරයා වශයෙන් ජයග්‍රහණය කළහොත් දෙමළ ජනතාවගේ ප්‍රශ්න සියල්ලම විසඳා දෙන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දෙමළ පක්ෂ නියෝජිතයින්ට කොළ ඹදී පොරොන්දු වූ බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙ ක්කලනාදන් මන්ත්‍රීවරයා පැවසීය.
මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළේ දෙමළ පක්ෂකීපයක මන්ත්‍රීවරු හා නායකයින් පිරිසක් කොළ- ඹදී ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමෙන් පසුවය.
දෙමළ ප්‍රශ්න විසඳීම පිණිස පළාත් සභා ක්‍රමය ප්‍රයෝජනයට ගෙන එම පළාත් සභාවලට වැඩි බල තල ප්‍රමාණයක් ලබා දීමට තමන් අපේක්ෂා කරන බව සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළ බව ද අඩෙක්කලනාදන් මන්ත්‍රීවරයා කියා සිටියේය.
දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු සඳහා විශේෂ බළකායක් පිහිටුවා තම සෘජු අධීක්ෂණය යටතේ සියලු ගැටලුවලට විසඳුම් ලබාදෙන බවට ද ඔහු පොරොන්දු වූ බව පැවසූ මන්ත්‍රීවරයා තමා ජාතිවාදියෙකු නොවන බවත් දෙමළ ජනතාව ගැන සලකා බැලිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළ බවද කියා සිටියේය.
මේ නිසා ජනාධිපතිවරණයේදී තමන්ට සහාය ලබා දෙන මෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියත් සහභාගී වූ දෙමළ පක්ෂ නියෝජිතයෝ ඔහුගේ එම ඉල්ලීම ගැන මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද අඩෙක්කලනාදන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
– රසල දිල්හාර ගමගේ