Monday, March 17, 2025
Homeපුවත්දේශපාලනයහැර ගිය පොහොට්ටුවන්ට වැඩ වරදී.. නෙළුම් මාවතෙන් තුරුම්පු අදී..

හැර ගිය පොහොට්ටුවන්ට වැඩ වරදී.. නෙළුම් මාවතෙන් තුරුම්පු අදී..

විනය මණ්ඩලය කැඳවීමට තීරණය කර බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

පක්ෂයේ තීරණයට එරෙහිව ගිය සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා හා පළාත් පාලන සභිකයින් සම්බන්ධයෙන් පියවර ගැනීම එහි අරමුණ වී තිබේ.

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ඉදිරිපත් කිරීමෙන් පසු විනය මණ්ඩලය කැඳවීමට සැලසුම් කර තිබේ.

මේ වනවිට අවස්ථා කිහිපයකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පක්ෂය හැරගොස් ජනාධිපතිවරණයේ විවිධ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සහය ලබාදී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මංගල ජන රැළිය ලබන 21 වැනි දා අනුරාධපුරයේ දී පැවැත්වීමට නියමිතයි.

– නාගොඩ සුමන උදයන්ත

RELATED ARTICLES

Most Popular