හිටපු ජනාධිපති මෛත්‍රිපාලන සිරිසේන මහතා නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහය පල කිරීමට සූදානමකින් ඇති බව වාර්තා වෙයි.
විජයදාස රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේදී මුලින් සහාය පළකිරීමට ඔවුන් සූදානමින් සිටියත් ඇතිව තිබෙන මත ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
පසුගියදා පොළොන්නරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බලමණ්ඩලය කැඳවා සිදු කල විමසීමකදීද අදහස වී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කළ යුතු බවටයි.
විජේදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයක් සිදු නොකරන බවටත් ඔහුට පක්ෂය රැවටුනු බවටත් එම කණ්ඩායමේ අදහස වී ඇත.
යහපාලන ආණ්ඩු සමයේ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග ඇති වූ මත ගැටුම් හේතුවෙන් තමන්ට හැටපස් වතාවක් අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නා ලෙස එවකට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ආරාධනා කළ බව සජිත් ප්‍රේමදාස මහතා අවස්ථා කිහිපයකම සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් තමා සමගි ජන බලවේගයට සහය පල කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනය කරයි.
තම ජීවිත කාලය තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පිට කිසිදු දේශපාලන පක්ෂයකට කිසිසේත් සම්බන්ධ නොවන බවද ඔහු කියා සිටී.