Saturday, February 8, 2025
Homeපුවත්දේශපාලනයරට දිනවන වැඩපිලිවෙල මා සතුයි..

රට දිනවන වැඩපිලිවෙල මා සතුයි..

රට ගොඩනැගීම සඳහා සියලු දෙනා ජාති ආගම් භේදයකින් තොරව එකතු විය යුතු බව ජනාධිපතිධූර අපේක්ෂක දිලිත් ජයවීර මහතා ගාල්ල කළුවැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

ඒ හරහා රට විශාල ජයග්‍රහණයක් කරා ගෙන යා හැකිය.

රට සංවර්ධනය කිරීමට ශක්තිමත් ආර්ථික වැඩපිළිවෙළක් සකස් කර තිබේ.

රට දියුණු කිරීම සඳහා හැකි පිරිස් ඒ සඳහා එකතු කර ගතයුතු බව පැවසීය.

සිය දැක්ම සඳහා බොහෝ දෙනෙකු එකතු වෙමින් තිබේ.

මෙවර ජනාධිපතිවරණය ඉතා තීරණාත්මක බව පැවසීය.

47% ක් තවමත් ඡන්දය ප්‍රකාශ කරන අපේක්ෂකයා පිළිබඳව තීරණය කර නොමැත.

හෘද සාක්ෂියට අනුව සිය ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටින බව වැඩිදුරටත් පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

RELATED ARTICLES

Most Popular