ලබන සැප්තැම්බර් 21 වනදා රටතුළ සුවිශේෂී බල පෙරළියක් සිදුවන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නලීන් හේවගේ මහතා ගාල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.
රට ජනතාවාදී පාලනයකට බාරදීම එදින සිදුවන බව පැවසීය.
ජාතික ජන බලවේගය පක්ෂයේ ජයග්‍රහණය ස්ථිර බව එහිදී පැවසීය.
සිය පක්ෂය වටා මහා ජන බලයක් නිර්මාණය වී තිබේ.
සියලු පක්ෂ තුළ අර්බුද පවතියි.
ඒ හේතුවෙන් එම පක්ෂ භූමියේ දේශපාලනය කර නොමැති බව පැවසීය.
මේවන විට එම පක්ෂ තුළ ඇති අර්බුද විසඳා ගැනීමට නොහැකි වී ඇතිබව වැඩිදුරටත් පැවසීය.
– නාගොඩ සුමන උදයන්ත